by Staff Writer . 04-10-2021 | 6:28 PM
COLOMBO (NEWS1ST) : කොවිඩ් -19 හේතුවෙන් සිදුවන සෑම මරණයකටම වන්දි වශයෙන් ඉන්දීය රුපියල් 50,000 ක් ගෙවීමට ඉන්දීය රජය ගත් තීරණයට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිව තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දීය ආපදා කළමනාකරණ නීතිය යටතේ වන්දි ඉල්ලා නීතිඥයින් ගොනු කළ පෙත්සමකට අදාළව මෙම අනුමැතිය හිමිව ඇති බවයි.
මෙම වන්දි මුදල සඳහා සමීපතම ඥාතීන් අයදුම්පත් යොමු කළ යුතු වන අතර මාසයක කාලයක් ඇතුළත අදාළ වන්දි මුදල හිමි වනු ඇති.
ඉන්දියාවෙන් මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 5 කට ආසන්න ය.