ඉන්දීය BJP ප්‍රබලයෙකුට විශේෂ ආරාධනයක්...

විශේෂ ආරාධනයකින් ඉදිරියේදී ඉන්දීය BJP ප්‍රබලයෙකු දිවයිනට

by Staff Writer . 03-10-2021 | 8:24 PM

COLOMBO (NEWS1ST) :  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බව භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබලයෙකු මෙන්ම ඉන්දීය රාජ්‍ය සභා මන්ත්‍රීවරයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ උදවිය සමග නව රාත්‍රී උත්සවයකට සහභාගී වන ලෙස තමාට ආරාධනයක් ලැබී ඇතැයි, ඔහු ට්විටර් පණිවුඩයකින් දක්වා තිබිණ. අදාළ සංචාරය තුළ මෙරට ආරක්ෂක අංශ ප්‍රධානීන් සහභාගී වන වැඩසටහනකට එක්වෙමින් තමන් ජාතික ආරක්ෂාව පිළිබඳව දේශනයක් ද පැවැත්වීමට නියමිත බව සුබමනියම් ස්වාමි මහතාගේ ටිව්ටර් පණිවිඩියේ සඳහන් ය. මේ අතර මෙරට සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් සුබ්‍රමනියම් ස්වාමි මහත පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරා ඉන්දියාවන බවට රාජපක්ෂ පාලනය තුළ සනාථ වී ඇති බවයි. චීනය සමග ශ්‍රී ලංකාව සමීප වන බවට ඇතිව තිබූ මතය මේ වනවිට යළි වෙනස් වෙමින් ඇති අතර පසුගිය පාලකයින් චීනයට නැඹුරුවීමේ ප්‍රවණතාවය වර්තමානයේ දක්නට නොමැති බව ද ඔහු සඳහන් කර තිබේ.