COLOMBO (NEWS1ST) : ලංකා ඉන්දීය තෙල් සමාගම් ගිවිසුම අලුත් කිරීම පිළිබඳව මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව විදේශ කටයුතු අමත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
විදේශ කටයුතු අමත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේ, අද (3) අනුරාධපුරයේදී මාධ්‍ය අමතමිනි.
''ඒ පිළිබඳ අවසාන තීරණයක් නෑ. ඒ ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කරලා ඒක ඉදිරියට ගෙනියනවා ද? කොයි විදියට ද? ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් යනවා. හැබැයි අවසාන තීරණයකට එළැඹිලා නෑ''
මෙහිදී මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් මෙලෙස ප්‍රශ්න කර සිටියහ.
ප්‍රශ්නය :- ඒ කියන්නේ තෙල් ටැංකි ලබා දීම පිළිබඳ සාකච්ඡාවක්ද යන්නේ ඇමතිතුමනි?
පිළිතුර (මහාචාර්ය ජී.එල්. පීරිස්) :- නෑ.. නෑ.. මේක කරනවා ද? කරනවා නම් කොයි ක්‍රමවේදයක් අනුව ද? ඒ සම්බන්ධයෙන් විවෘතව සාකච්ඡා කිරීමක් මිස මේ අවස්ථාවේදී ඒ පිළිබඳ අවසන් නිගමනවලට එළැඹිලා නෑ.
ලංකා ඉන්දීය තෙල් සමාගම් ගිවිසුම 2024 වනවිට අවසන්වීමට නියමිතව තිබේ.