by Sagarika Chathumali 03-10-2021 | 12:55 PM
COLOMBO (NEWS1ST) : මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටින බව අප වාර්තාකරු පවසයි.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා ද එක්ව සිටින බව වාර්තා වේ.
මේ අතර ඊයේ රාත්‍රී දිවයිනට පැමිණි විදේශ ලේකම්වරයා අද (03) පෙරවරුවේ මහනුවරට ගොස් දළඳා සමිඳුන් වැඳපුදා ගත්තේ ය.
සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණ සිටින විදේශ ත්‍රිකුණාමලයේ සංචාරයෙන් අනතුරුව යාපනයේ ද සංචාරයක නිරත වීමට නියමිතව ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි විදේශ ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් හමුවීමට ද නියමිත ය.