COLOMBO (NEWS1ST) : ත්‍රිකුණාමලය තෙල් ටැංකි සහ මෙරට ඉන්ධන පිරවුම්හල් 100කට අධික ප්‍රමාණයක් ඉන්දීය තෙල් සමාගම හෙවත් IOC සමාගමට ලබාදුන් ගිවිසුම 2024 දී අවසන්වීමට නියමිතව තිබේ.
ඛනිජ තෙල් වෘත්තීය සමිති අද (02) ප්‍රකාශ කළේ, ඉන්දීය විදේශ ලේකම්වරයාගේ සංචාරයත් සමග මෙම ගිවිසුම් දීර්ඝ කිරීමේ සාකච්ඡාවක් ඇතිවීමේ ඉඩක් පවතින බවයි.
ඒකාබද්ධ වෘත්තීය සමිති අද විවිධ ස්ථානවලදී මේ ගැන පැහැදිලි කළේ ය.
''2023 අගෝස්තු මාසයේ දෙසැම්බර් වෙනකොට ඒ නීති විරෝධීව බලපත්‍ර ලබා දුන්න ඉන්දියන් සමාගමේ කාල පරිච්ඡේදය අහෝසි වෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නැවත ස්වර්ණමය යුගයක් උදාවෙන අවස්ථාවේදී නැවත ගිවිසුම් අටවගෙන, නැවත හොර ගිවිසුම් අටවගෙන නැවත වරක් පනත සංශෝධනය කරගෙන නම් එන්නේ ඒක කරන්න අපේ පාර්ශ්වයෙන් කිසිම ඉඩක් නැත කියන එක. නුදුරු දින කිහිපයේ දී මේ පනත පාර්ලිමේන්තුව තුළට එනවයි කියලා අපිට විශ්වාසනීය වශයෙන් ආරංචි වෙලා තියෙනවා.ඒ එන්නේ අන් කිසිදේකට නෙවෙයි. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ තෙල් ටැංකි ටික ඉන්දියානු සමාගම හෝ වෙනත් සමාගමකට හෝ හොර සමාගම් අටවා ගැනීමට අවශ්‍ය කූඨ ප්‍රාප්තියක් කියලා අපි කියනවා...''
අචාර්ය අශෝක රන්වල (සභාපති)
ඛනිජ තෙල් පොදු සේවක සංගමය
''අවුරුදු 5කට කට්ටිය බලයට එනවා.. ඒගොල්ලෝ භූ දේශපාලනය,, භූ දේශපාලනය කියලා විකුණනවා. තවත් කට්ටියක් අවුරුදු 5කට බලයට එනවා. ඒ ගොල්ලොත් භූ දේශපාලනය,, භූ දේශපාලනය කියලා ඉතුරු ටික විකුණනවා. මේක හරිම කාලකණ්නි ගැටළුවක් අපේ රටේ පුරවැසියන්ට. දැන් මේ භූ දේශපාලනය තියෙන්නේ අපේ ශ්‍රී ලංකාවට විතරද?''
ජගත් විජේගුණරත්න (සභාපති)
ඛනිජ තෙල් නිදහස් සේවක සංගමය
''ඔය සංචාරය නිරීක්ෂණ සංචාරයක් බවට පමණක් පත් කරන්න.අද හෝ හෙට මේ භූමියට එන්න ඉන්න ඉන්දියානූ විදේශ කටයුතු ලේකම් ඔහුගේ නිරීක්ෂණ සංචාරයක් බවට හෝ එහෙම නැත්නම් තානාපතිගේ නිරීක්ෂණ සංචාරයක් බවට හෝ එහෙම නැත්නම් වෙනත් සමාගම්වල නියෝජිතයින්ගේ නිරීක්ෂණ සංචාරයක් බවට පත් වෙනවා නම් ගරු අමාත්‍යතුමා ඔබ අපේ වෘත්තීය සමිතිවලට කොලේ වහලා වැඩ කරනවායි කියලා අපි මේ මොහොතේ ප්‍රකාශ කරනවා''
අචාර්ය අශෝක රන්වල (සභාපති)
ඛනිජ තෙල් පොදු සේවක සංගමය
''1961 ඛනිජ තෙල් නිතිගත සංස්ථා පනත කඩිමුඩියේ සංශෝධනය කරන්න යනවා. මොකද ඒකට සංශෝධනය කරන්න හේතුව පනත සංශෝධනය නොකරන විදුලිබල මණ්ඩලයේ දැන් ඇතිවෙලා තියෙන තත්ත්වයට මුහුණ දිලා තියෙන නිව් පෝස්ට්‍රස් එනජී සමාගමට එල්.එන්.ජී. ගබඩා කිරීමේ ඒ පනත ඉදිකිරිමේ ඒ පහසුව ලබලා දෙන්න බෑ. මේ ඛනිජතෙල් නිතිගත සංස්ථා පනත සංශෝධනය කරන්නේ නැතුව. ඒ වගේම තමයි 2023 ඉන්දියානු සමාගමේ බලපත්‍රය අහෝසි වෙනවා .අපි ආණ්ඩුවට පැහැදිලිව කියනවා. දැන් හොර පාරෙන් මේ පනත වෙනස් කරලා ඉන්දියානු තෙල් සමාගමට බලපත්‍රය දිර්ඝ කරන්න යන්න එපා. අපි උදය ගම්මන්පිල අමාත්‍යවරයාට කියනවා. මේ රටේ ඉන්න අමෙරිකානු පුරවැසිභාවය සහිත මුදල් ඇමතිවරයා පුමුඛ මේ ඉන්න අමෙරිකානු හිතවාදි නඩය තමුන්නාසේගේ දේශප්‍රේමි සළුව ගලවන්න ලගයි. ඒක නිසා වහාම මේකට ක්‍රියාත්මක වෙලා පනත සංශෝධනය කිරීම අකුලාගන්න කියන පණිවුඩය මේ රටේ මේ ඇමතිවරයාට කියන්න සුදානම් වෙලා ඉන්නවා''
සමික අසිතංජ (සභාපති)
ජාතික සේවක සංගමය
''ලේකම් එන්නේ තෙල්ටැංකි ගිවිසුම දීර්ඝ කරන්න. ඔබේ පනතේ තියෙන්නෙත් ඒක දීර්ඝ කරලා දෙන්නම් කියලා එහේනම් ඔබලා වහාම ඇඳුම් ඇතුව හිටගන්න. ගෙදර බල්ලා භූමිකාව කියන්නේ හාමුට යටවෙන්න තියෙන භූමිකාව ඔබතුමා ඉටුකරන්න රටේ මුර බල්ලාගේ භූමිකාව. ඇඳුම් ඇඳගෙන ඉටුකරන්න. ඒකට අපි එකඟයි.''
ආනන්ද පාලිත (උප සංවිධායක)
ජාතික සේවක සංගමය
මේ අතර පවතින තත්ත්වය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සඳහා ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ සන්ධානය අද ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් හමු විය.
''සමහර බේබිලාගේ ආච්චිලාට මැණික් මළු එන්නේ නැති වෙද්දී අපේ රටේ සම්පත් විකුණලා ඒ සම්පත්වලින් වැජඹෙන්න හදනවා නම් ඒකට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. විපක්ෂය බලයට ආපුවාම ඒක ආයෝජනය. විපක්ෂය විපක්ෂෙට ගියාම විකුණනවාට විරුද්ධයි. මේ තත්ත්වය දිගටම යන්න බෑ. අනේ හාමුදුරුවනේ මම නම් මොකුත් වික්කේ නෑ කිව්වා. දැන් රනිල් පරාදයි විකිණීම අතින් මේ පවුල දිනුම්''
ලාල් බංගමුවගේ (සභාපති)
ස්වාධීන වරාය සේවක සංගමය
''අපිට අවසන් ක්‍රියාමාර්ගයක් තියෙන්නේ මේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් සැලකිල්ලට අරගෙන මේක නවත්වන්නේ නැතිනම් වර්ජන ක්‍රියාමාර්ගයකට යන්න. තමන්ගේ ඒ දේශපාලන අරමුණු පැත්තකින් තියලා තමයි මේ කොඩිය අතට ගත්තේ ආණ්ඩුවේ මේ තැත සහතිකයි අපි පරාජය කරනවා''
රංජන් ජයලාල් (ප්‍රධාන ලේකම්)
ලංකා විදුලි සේවක සංගමය
''නිවැරදි රාජතාන්ත්‍රික විදේශ ප්‍රතිපත්තියක් වෙනුවට , එකිනෙකාට ගැති කොන්ද නමන , පර ගැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ ප්‍රතිඵල තමයි මේ රටේ ජනතාවට, අනාගත පරම්පරාවට භුක්ති විඳීමට සිදුවී තිබෙන්නේ. මෙන්න මේකට එරෙහිව අද මේ එක අරගලයකට එකතු වෙලා ඉන්න එක පිළිබඳව අපි සතුටු වෙනවා. අපි පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ ඊට අවශ්‍ය කරන සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා''
සුනිල් හඳුන්නෙත්ති (හිටපු මන්ත්‍රී)
ජනතා විමුක්ති පෙරමුණ