හෙක්ටෙයාර් 1,000 ක රබර් වගා කිරීමට පියවර

වන සංරක්ෂණයට අයත් හෙක්. 1,000 ක රබර් වගා කිරීමට පියවර

by Staff Writer . 02-10-2021 | 12:25 PM

COLOMBO (NEWS1ST) :  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හෙක්ටෙයාර් 1,000 ක රබර් වගා කිරීමට තීරණය කර තිබේ.

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාධව වර්ණකුලසූරිය මහතා සඳහන් කළේ , වනාන්තර හායනයට පත් ඉඩම්වල එලෙස රබර් වගා කරන බවයි. පළමු අදියරේදි බිබිල ,මැදගම හා සියඹලාණ්ඩුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ඇති. අදාළ ඉඩම්වල හේන් වගාව සිදුකළ පුද්ගලයින්ට මෙම ඉඩම් බදු පදනම මත රබර් වගා කිරීම සඳහා ලබා දෙන බව මාධව වර්ණකුලසූරිය මහතා සඳහන් කළේ ය.