ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය අද ඇරඹේ

ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය අද ඇරඹේ

by Staff Writer . 02-10-2021 | 9:55 AM

COLOMBO (News 1st) - 2021 ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය නෝර්වේහි ඔස්ලෝ නුවරදී අද(02) ආරම්භ ‌වේ.

රටවල් 102 ක් මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිතය. ශ්‍රී ලංකාවෙන් ඒ සඳහා ක්‍රීඩකයින් සිව් දෙනෙක් සහ ක්‍රීඩිකාවක් ​සහභාගි වී සිටී. ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය ලබන 10 වැනිදා අවසන් වීමට නියමිතය.