යොහානි ඉන්දියාවේ ප්‍රසංගය අතරතුර සුළු අනතුරකට

යොහානි ඉන්දියාවේ ප්‍රසංගය අතරතුර අනතුරකට ලක්වෙයි‍

by Staff Writer . 02-10-2021 | 7:53 PM

COLOMBO (NEWS1ST) : යොවුන් ගායිකා යොහානි ද සිල්වා ඉන්දියාවේ ප්‍රසංගය අතරතුර හදිසි අනතුරකට මුහුණ දී තිබේ.

'මැණිකේ මගේ හිතේ' ගීතයත් සමග ඉන්දියාවේ අතිශය ජනප්‍රියත්වයට පත් යොහානි ගුරුග්‍රාම් හා හයිද්‍රබාද්හි පැවැත්වෙන සුපර් මූන් ප්‍රසංගයට සහභාගිවීම සඳහා ඉන්දියාවට ගොස් සිටින්නී ය. එහි පළමු ප්‍රසංගය පෙරේදා ගුරුග්‍රාම්හි පැවැත්වුණු අතර ඇය අනතුකරට ලක්වී තිබුණේ, එම ප්‍රසංගය අතරතුරයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් යොහානි සඳහන් කර තිබුණේ, ප්‍රසංගය අතරතුර ගිටාරය මුහුණට වැදී සුළු තුවාලයක් සිදු වූ අතර ඇය එතරම් තැකීමක් සිදු නොකළ බවයි. දෙවැනි ප්‍රසංගය හෙට හයිද්‍රබාද් හීදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ඇය සහභාගී වීමට අපේකෂාවෙන් සිටින බව සඳහන් ය.