COLOMBO (NEWS1ST) : මෝස්තර නිරූපිකා චූලපත්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය ප්‍රකාශයක් ලබා ගැනීමට අද (02) පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණ.
ඇය පැවසුවේ දැනට අත්අඩංගුවේ සිටින කීර්ති රත්නායක නමැති මාධ්‍යවේදියා තමන් හඳුනන්නේ කෙසේ දැයි ප්‍රශ්න කිරීම සඳහා තමන් කැඳවා තිබූ බවයි.
ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඉවතට පැමිණ චූලපත්මේන්ද්‍ර මහත්මිය මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා ය.
''ජර්නලිසිට් කෙනෙක් හැමතිස්සෙම අපිට කතා කරනවා ඉතින්. කීර්ති රත්නායක නෙමෙයි ඇති වෙන්න ජර්නලිස්ට්ලා ඒ කාලේ කතා කළා. මම හිතන්නේ ඉන්ටර්නැෂනල් ජර්නලිස්ට්ලා හිටන් අපිට කතා කළා. පුරවැසියෙක් විදිහට වරදක් කරලා නැති හින්දා CID එකට එන්න කිව්වම මම ඉතින් ඇවිත් කට උත්තරයක් දුන්නා. ඉතින් විහිළුවක් . ඔවර් ද ෆෝන් කෝල්. අපි ජනාධිපතිතුමාට කියන්න ඕනේ ඉතින් අපි මහන්සි වුණා. ඔබතුමාව මේවා කරන්න. පහුගිය කාලේදී අපි දැක්කා හුගක් දේවල් වෙනවා.එගොල්ලන්ව නම් අපි දැක්කේ නැහැ. CID කැඳවනවා. මම සාමාන්‍ය මනුස්සයෙක් සාමාන්‍ය ගැහැනියක්. අපිව මෙහෙම ගෙන්වනවා කියන්නේ මාධ්‍යවේදීයෙක් එක්ක කතා කලා කියලා ඇත්තටම ඒක විහිළුවක්''
මේ අතර පසුගිය කාලයේ දැඩි කතාබහට ලක්වූ සිදුවීමක් පිළිබඳව ද මාධ්‍යවේදීහු ඇයගෙන් විමසා සිටියහ.
ප්රශ්නය : පහුගිය දවස් ටිකේ තුඩුදුන්න ප්‍රශ්නයක් තමයි ලොහාන් රත්වත්තේ ඇමතිතුමත් එක්ක සුරුපිනියක් එල්ලුම්ගහ බලන්න ගියා කියලා. ඒ ඔබ වෙන්න බැරිද ?
පිළිතුර (චූල්පත්මේන්ද්ර කුමාරපතිරණ ) : අනේ නැහැ. මට එච්චරම මගේ මනස විකෘති නැහැ. රෑට බීලා මිනිස්සු මරණ තැනක් බලන්න යන්න. මම අනිවාර්යෙන් කියනවා මම නෙමෙයි ගියේ කියලා. ඔය මිනිස්ටර්ව මම දැකලවත් නැහැ. එයා කළු ද සුදු ද කියලා මම දැකලවත් නැහැ.