home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ජපාන යුද නෞකා තුනක් කොළඹට සේන්දු වෙයි
by Sagarika Chathumali
02-10-2021 | 3:40 PM
COLOMBO (NEWS1ST) : ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් යුද නෞකා ත්‍රිත්වයක් නිල සංචාරයක් සඳහා අද (02) කොළඹ වරායට සේන්දු විය.
නාවික හමුදාව පැවසුවේ, එලෙස පැමිණි‘KAGA’,‘MURASAME’ හා ‘FUYUZUKI’ යන බහුකාර්ය ඩිස්ට්‍රෝයර් නෞකා ත්‍රිත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගත් බවයි. දිගින් මීටර 151 සහ නැවි මුළු 220කගෙන් සමන්විත ‘FUYUZUKI’ යුද නෞකාව සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව හෙට (03) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය. දිගින් මීටර 248ක් සහ නැව් මුළුව 210කගෙන් සමන්විත ‘KAGA’ යුද නෞකාව සහ දිගින් මීටර 151ක් සහ 200ක නැව් මුළුවකින් සමන්විත‘MURASAME’ යන නෞකා ද්විත්වය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත්තේ, එළඹෙන 04 වනදායි. ඕස්ට්‍රේලියාවේ සිට කොළඹ වරායට සේන්දු වූ එම යුද නෞකා ද්විත්වය දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව සමග පැවැත්වෙන ‘JA- LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය සඳහා ද සහභාගී වීමට නියමිත ය.
වෙනත් ලිපි
රටට සෙත්පතා ආගමික වැඩසටහනක් නිදහස් චතුරශ්‍රයේදී
මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..
BBCයෙන් අසාම්ට මිලියන 7ක්
2026 නව වසරට අගමැතිනියගෙන් සුබ පැතුම්!
2026 නව වසරට ජනපතිගෙන් සුබ පැතුම්!
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම්
විශේෂාංග
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය