COLOMBO (NEWS1ST) : ජපාන සමුද්‍ර ස්වයං ආරක්ෂක බලකායේ විශාලතම නෞකා වන මුරසාමේ සහ කාගා යන යුද නෞකා දෙක හෙට (02) කොළඹ වරායට පැමිණීමට නියමිත ය.
පැසිෆික් කලාපයේ අනෙකුත් රටවල් සමග ද්විපාර්ශ්වික යුද අභ්‍යාසවල නිරතවීමෙන් අනතුරුව මෙම නෞකා මෙරටට පැමිණෙයි.
ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේ, මුරසාමේ සහ කාගා යන යුද නෞකා දෙක ශ්‍රී ලංකාවට පැමිණීම දෙරට අතර සහයෝගය වර්ධනය කර ගැනීමට කදිම අවස්ථාවක් බවයි.
