COLOMBO (NEWS1ST) : ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධිය පිළිබඳව සිදුකළ අනාවරණය මුල්කරගෙන විපක්ෂ මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණ.
ඔහු එහි පැමිණියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සමගයි.
පැයකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳ සිටි මනූෂ නානායක්කාර මහතා පිටතට පැමිණ මාධ්‍යට මෙලෙස අදහස් පළ කළේ ය.
''ටෙලිකොම් ආයතනය විසින් තමයි ආයතනයේ නිලධාරියෙක් පැමිණිල්ලක් කරලා තිබ්බේ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපේ උත්තර අපි ලබා දුන්නා. අහපු ප්‍රශ්නවලට. මේ ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා හා ඖෂධ ගෙන්වන ව්‍යාපාරිකයින් අතරේ විශේෂයෙන්ම ඇන්ටිජන් ගෙන්නන ව්‍යාපාරිකයින්ගේන් කාගේ හරි පවුලේ ඥාතිවරයෙක්ගේ සබඳතාවක් ලබැදියාවක් තියෙනවා ද කියන කාරණය පිළිබඳවත් පරික්ෂා කරන්න කියලා අපි මෙහිදි විශේෂයෙන්ම CID එකට ඉල්ලිමක් කළා. ඉතින් මෙතනදි මේ රටේ මිනිස්සුන්ගේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ ඇන්ටිජන් එකෙන් PCR එකෙන් හොරා කන උන් ටික අල්ලලා දෙන එක තමයි අපේ වගකිම තියෙන්නේ. හැබැයි හොරු කවුද කියලා නිරාවරණය කරන කොට අපිව CID එකට ගෙන්වනවා''
මෙහිදී මාධ්‍යවේදීන් කාරණා කිහිපයකට අදාළව ප්‍රශ්න කිහිපයක් විපක්ෂ නායකවරයා වෙත යොමු කළ අතර විපක්ෂ නායකවරයා ඊට පිළිතුරු ලබා දුන්නේ ය.
මාධ්‍යවේදී ප්‍රශ්නය : චන්න ජයසුමන කියනවා මේ දත්ත මකලා තියෙන්නෙ රාජිත සේනාරත්ත සමයේ දත්ත කියලා.
පිළිතුර (විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස) : බොහොම පැහැදිලි නේ නීතිපති දෙපාර්තමේන්තුව මොකද්ද කියන්නේ ? ඖෂධ මාෆියාව එක්ක බද්ධ වෙලා සිදු වු කුමන්ත්‍රණකාරි ක්‍රියාවලියක් හැටියට නීතිපති දෙපාර්තමෙන්තුව එහෙම කියනවා නම්, වෙන මොන කතාද? ප්‍රශ්නය පිළිබඳව ජනතාවට තියෙන අදහස විකෘති කරලා ප්‍රශ්නය වෙනත් අතකට හැරවිමේ මහා ජාවාරමකුත් ක්‍රියාත්මක වෙනවා. ඖෂධ මාෆියාව රකින්න ක්‍රියා කරන්නේ නැතුව කොවිඩ් ව්‍යසනයෙන් අධි ප්‍රමාණයේ ලාභ ලබන්න උත්සහ කරන්නේ නැතුව මේ අධිකරණ ක්‍රියාදාමය මෙහෙයවයි කියලා මට විශ්වාසයක් තියෙනවා. නීතිපති දෙපාර්තමෙන්තුවේ නිලධාරින් පිළිබඳව
මාධ්‍යවේදී ප්‍රශ්නය : අපි දැක්කා ඊයේ පෙරේදා නාවික හමුදා නිලධාරින් කණ්ඩායමක් බෝපිටියේ වත්තල අවට දේවස්ථානවලට යම් කිසි අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා.
පිළිතුර (විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස) : ඇත්ත වශයෙන්ම කුතුහලයට තුඩුදෙන කාරණාවක් .එක වේලාවකට කියනවා ජාතික ආරක්ෂාව ශක්තිමත් කියලා. දැන් ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න ආපු විරයෝ කණ්ඩායම නේ දැන් රට පාලනය කරන්නේ. යම් ත්‍රස්තවාදි ක්‍රියාවක් සිද්ධ වෙනවා කියන එක පිළිබඳව තොරතුරු අනාවරණය වෙලා තියෙනවා නම්, ආණ්ඩුව කරන්නට ඕන මුළු රටටම මේක නිවේදනය කරලා හැමදෙනාම ජාතික ආරක්ෂාවේ කොටස්කරුවන් පෙරමඟ ගමන් කරුවන් බවට පත් කරගෙන .
මාධ්‍යවේදී ප්‍රශ්නය : රට විවෘත කරන්න මේ වන විට තිරණය කරලා තියෙනවා රජය .ඔබතුමා විපක්ෂ නායකවරයා විදියට මේක දකින්නේ කොහොමද? රටේ සාමාන්‍ය ජීවිතය ?
පිළිතුර (විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස) : එක පැත්තකින් කෝවිඩ් මරණ ටික අපි අඩු කරගන්නට ඕන . නැතිකරගන්නට ඕන. කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණය අපි අවම කරගන්නට ඕන.අපි කෝවිඩ් ආසාදිතයින් බිහි නොවේවා කියන ක්‍රියාදාමයේ ඉන්නට ඕන. තවත් පැත්තකින් මේ ආර්ථික යාන්ත්‍රණයත් ඉදිරියට යන්නට ඕන . ඒක දෙපැත්තම සමබරව හිතලා බලලා. මොනවා කරන්නත් රටක මිනිස්සු ජිවත් වෙලා ඉන්නට ඕන නේ. ඒ නිසා එතනදිත් මම කියන්නේ වෛද්‍ය උපදෙස් මත සෞඛ්‍ය උපදෙස් මත විශේෂඥ උපදෙස් මත ඒ ගන්න තීන්දු තීරණ හැම එකකටම අපි එකඟ වෙනවා.
මාධ්‍යවේදී ප්‍රශ්නය : අපි දැක්කා ඔබ තුමාගේ පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් කියනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා බලය ලබා ගන්න අවශ්‍ය නම් වැඩපිළිවෙළ හදන්න ඕන කියලා
පිළිතුර (විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස) : අපි කවදාවත් කුහක දේශපාලනය කරන්නේ නෑ. ඒ වැඩසටහන මේ මන් හිතන්නේ පෙර පාසල් දරුවාට උනත් හිතාගන්නට පුළුවන්. මන් ප්‍රජාතන්ත්‍රවාදි පුද්ගලයෙක්. ඒ හැම අදහසකටම උදහසකටම සවන් දිලා ගමනක් යන්නට අපි සුදානම් .
මාධ්‍යවේදී ප්‍රශ්නය : මොන්ටිසෝරි ළමයින්ට තේරෙන දේවල් ඔබ තුමාගේ පසු පෙළ මන්ත්‍රීවරුන්ට තේරෙන්නේ නැද්ද?
පිළිතුර (විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස) : නෑ ඒක ගැටලුවක් නෑ. අපි කරුණු කාරණා අභ්‍යන්තර සාකච්ජා කරලා අපි ඒවා විසඳගන්නවා. ඒක ගැටලුවක් නෑ.