තවත් කොරෝනා මරණ 59 ක් ..

තවත් කොරෝනා මරණ 59 ක් ..

by Staff writer 30-09-2021 | 9:23 PM

COLOMBO (NEWS1ST) : තවත් කොරෝනා මරණ 59 ක් වාර්තා කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම මරණ ඊයේ(29) දින තහවුරු කරන ලද ඒ්වා බවය. මියගිය පිරිස අතරින් 31 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 28 දෙනා පිරිමි පුද්ගලයින් වේ. මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 11 දෙනෙකු සිටින අතර 47 දෙනෙකු වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය. වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙකු සිටී.