එක්ස්ප්‍රස් පර්ල් නැවේ 3 කගේ විදේශ ගමන් තහනම ඉවතට

එක්ස්ප්‍රස් පර්ල් නැවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකුගේ විදේශ ගමන් තහනම ඉවතට..

by Staff writer 30-09-2021 | 7:17 PM

COLOMBO (News 1st) – විස රසායනික ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී ශ්‍රී ලංකා මුහුදු තීරය ආසන්නයේදි පසුගිය මැයි 20 වැනිදා ගිනි ගැනිමට ලක් වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සේවය කළ කාර්ය මණ්ඩලයේ තවත් තුන්දෙනකුගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් මහතා අද (20)නියෝග කළේ ය.

ඉන්දිය, චීන හා පිලිපීන ජාතිකයින් වන ඔවුන් සම්බන්යෙන් සිදු කළ විමර්ශන මේ වනවිට අවසන් කර ඇති බැවින් පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කර ඔවුන්ට විදේශ ගතවීමට අවස්ථාව ලබා දෙන ලෙසට නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සෙලිසිටර් ජනරාල් මාධව තෙන්නකොන් මහතා කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) කළ ඉල්ලීමක් සකලා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය එම නෞකාවේ සේවය කළ කපිතාන්වරයා ඇතුළු 25 දෙනකුට විදේශ ගමන් තහනමක් පනවා තිබූ අතර ඉන් 14 දෙනකුගේ විදේශ ගමන් තහනම මින් පෙර ඉවත් කර තිබුණි. එම නඩුව ලබන මස 25 වැනිදා දක්වා කල් තැබීමට ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ ය.