COLOMBO (NEWS1ST) : මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (30)ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් නොතකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ ගැනීමට මාධ්‍ය ආයතන වෙත ගොස් ඇති බවයි.
එවැනි දෙයක් සිදුවීඹ සම්බන්ධයෙන් තමා කනගාටුවන බව පැවසූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිුදරටත් සඳහන් කළේ, වහාම ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළ බවයි.
''දණ්ඩ නිති සංග්‍රහයේ 110 වෙනි වගන්තිය යටතේ විමර්ශනය කරන නිලධාරින්ට ඕනෑම කොනක්ගෙන් තොරතුරක් ලබා ගන්න පුළුවන්. පුවත්පත් මණ්ඩල පනත අනුවත් මාධ්‍යවේදින්ට යම් කිසි මුක්තියක් ලබා දිලා තියෙනවා. ඒ මුක්තියට යටත්ව ඔවුන්ට ඇවිල්ලා තොරතුරක් දෙන්න පුළුවන්. මේක ඇත්ත වශයෙන්ම සුදුළූණු වංචාව පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම අපිට ලැබිලා තිබ්බ පැමිණිල්ල ඒ පුවත්පත්වල පත් වෙච්චි ප්‍රකාශ නිසා අපහාසයකට ලක්වුණා කියලා. ඉතින් අපි කැබිනට් එකේදි ඒක ප්‍රකාශ කරලා අගමැතිතුමාත් ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා. කරුණාකරලා මේක නවත්තන්න කියලා. ඉතින් ඒ වගේ උපදෙස් දිලා තිබියදිත් නැවත වරක් දැන් ගෙන්වන්නේ නැතුව මාධ්‍ය ආයතනවලට ගිහිල්ලා තියෙනවා. ඒක සම්පූර්ණ වැරදියි. ඒක තමයි මම පොලිස්පතිතුමාට නියෝග කළේ වහාම ඒ සම්බන්ධයෙන් වාර්තාවක් මට ලබා දෙන්න කියලා. අපි ඒ වගේ දෙයක් වුණා නම් මම කනාගාටු වෙනවා. නමුත් ඒ පිළිබඳව මම වාර්තාවක් ඉල්ලලා තියෙන්නේ''
දේශපාලනඥයෙකු ලෙස පොලිස්පතිවරයා එලෙස දැනුවත් කිරීමට හැකියාවක් තිබේ දැයි, මෙහිදී මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය.
අමාත්‍යවරයා ඊට ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.
''නැත්තම් මහජන ආරක්ෂක ඇමැති කෙනෙක් අවශ්‍ය නෑ නේ පොලීසියට. ඒ හින්දා අපිත් යම් යම් වෙලාවට අපේ උපදෙස් ලබා දෙනවා. ඔවුන්ගේ රාජකාරියට අපි බාධා කරන්නේ නෑ''
මේ අතර ජා-ඇල බෝපිටිය ප්‍රදේශයේ දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පිළිබඳව පෙරේදා නාවික හමුදාව කළ දැනුවත් කිරීම හා පසුව එය නිවැරදි කළ බව කියන සිද්ධිය පිළිබඳව ද අමාත්‍යවරයා මෙලෙස කරුණු පැහැදිලි කළේ ය.
''අපි මේවා වරින් වර වල්නරබල් පොයිනට්ස් කියලා ඒ කියන්නේ යම් කිසි ආක්‍රමණයකට ගොදුරු වෙන්න පුළුවන් ස්ථාන පිළිබඳව ආරක්ෂාව පිළිබඳව අපි වරින්වර ගිහිල්ලා ස්ථාපිත කරනවා. හරියට තියෙනවා ද කියලා බලනවා. ඉතින් ඒ අනුව කරන එක්සර්සයිස් එහෙකට ව්‍යායාමයකට තමයි ඔය ආපු මෙහෙයුමකට තමයි මේ හිටපු නිලධාරියෙක් ඒක වැරදියට අවබෝධ කරගෙන තමයි ඒ පල්ලිවලට ගිහිල්ලා ප්‍රහාරයක් එල්ල වෙයි කියලා තියෙන්නේ. නාවික හමුදාපතිවරයා ඒ නිලධාරියා ගෙන්නලා අවවාද කරලා ඒ ගැටලුව ඉවරයි''