home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ශ්‍රී ලංකා ජීවිතාරක්ෂකයින් වෙනුවෙන් අමෙරිකානු සහය අඛණ්ඩව….
by Sagarika Chathumali
30-09-2021 | 8:15 PM
COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකා ජීවිතාරක්ෂකයින්ගේ ප්‍රථමාධාර දැනුම හා ශක්තිය වර්ධනය කිරීම සඳහා සහය වීමට මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ.
හදිසි ආපදා හා ජල ආශ්රිත අනතුරුවලදී අවශ්‍ය පියවර ගැනීම සඳහා ජීවිතාරක්ෂකයින් නිසි දැනුමින්, තාක්ෂණයෙන් සහ පුහුණුවීම්වලින් සමන්විත වීම අත්‍යවශ්‍ය කරුණකි. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී එල්යින් ඒ. ටෙප්ලිප්ස් මහත්මිය ඇතුළු එහි සෙසු නිලධාරීන් නොයෙක් වර මෙරට ජීවිතාරක්ෂක හා ජල ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා වූ ජාතික ආයතනය වන ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ (SLLS) ක්‍රියාකාරකම් පිළිබඳව පෞද්ගලිකව අවධානය යොමු කරමින් ජීවිතාරක්ෂකයින් සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දීමට ක්‍රියා කර තිබේ. ඒ අනුව කොවිඩ් තුන්වන රැල්ලේදී ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය මුහුණ දෙන අභියෝග තේරුම් ගත් තානාපති කාර්යාලය මිලියන 4.5 ආසන්න වටිනාකමකින් යුත් ජීවිතාරක්ෂක නවීණ උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත. එලෙස පරිත්‍යාග කළ උපකරණ තොගයට ජීවිතාරක්ෂක කට්ටල, නවීණ ප්‍රථමාධාර කට්ටල, ප්‍රාථමික වෛද්‍ය උපකරණ කට්ටල, ඇතුළු මෙරට මෙතෙක් භාවිත නොකළ ප්‍රථමාධාර උපකරණ ද ඇතුළත් ය. මෙම උපකරණ භාවිතය සහ නඩත්තුව සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමට ද ඔවුන් කටයුතු කළ අතර ඒ සඳහා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සිවිල් හමුදා සහයක කණ්ඩායමේ අධ්යක්ෂ ටෝනි සු , නියෝජ්‍ය අධ්යක්ෂ ස්කොට් ඇන්ඩර්සන් සහ ප්‍රථමාධාර උපදේශක නේතන් ග්‍රීන් යන මහත්වරු එක්ව සිටියහ. මේ අතර මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය තානාපති කාර්යාලයේ සිවිල් හමුදා සහයක කණ්ඩායම නොයෙකුත් අවස්ථාවලදී මෙරට දියේ ගිලීම් වළක්වා ගැනීම සහ හදිසි අනතුරුවලදී පීඩාවට පත්වන ලාංකිකයින්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කර තිබේ. 2019 වසරේ සිට කිහිපවරක් ඔවුහු ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයට කුසලතා පුහුණුව, තාක්ෂණික සහය, සමාජ මාධ්‍ය හා ප්‍රවර්ධන පුහුණුව ඇතුළු ද්‍රව්‍යමය ආධාර මගින් ද සහයෝගය ලබා දුන්හ. තව ද කොවිඩ් පළමු රැල්ලෙන් අනතුරුව සැලකිය යුතු වර්ධනයක් සිදු වූ මෙරට ජලාශ්‍රිත අනතුරු වළක්වා ගැනීම සඳහා සිවිල් සමාජයන්හි ජීවිතක්ෂකයින් 60 දෙනෙකු පුහුණු කරමින් ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ ඉදිරි ගමන ශක්තිමත් කිරීමට තානාපති කාර්යාලය දායක විය.
වෙනත් ලිපි
දළදා මාළිගාවෙන් රු. මිලියන 50ක්
දියවඩන නිලමේ ජනපති හමුවෙයි..
ජනපති සහ අමෙරිකානු ප්‍රධානියෙකු අතර හමුවක්
කැබිනට් අනුමැතිය හිමි වූ යෝජනා..
ආපදාවෙන් ක්ෂේත්‍ර බෝග බිම් හෙක්ටයාර 21,000ට හානි
ලාංකිකයින්ට ලැබෙන විදෙස් ආධාර කළමනාකරණයට අනුකමිටු
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය