.webp)

අපි මේ වෙනකොට පුද්ගලික සමාගම් රාශියක් හරහා කාබනික ඝන පොහොර හා කාබනික ද්‍රව පොහොර ගෙන්වීම සඳහා අපි සාම්පල පරීක්ෂාවට ලබා දීලා තියනවා. බොහොම සන්තෝසයි සමහර සමාගම්වලින් ඇණවුම් කරන්න බලාපොරොත්තු වෙන පොහොර සාම්පල අපේ ප්‍රමිතිය සපුරලා තියෙනවා ශාඛ නිරෝධායන පනතේ ප්‍රතිපාදනවලට අනුගත වෙන විදිහේ පොහොර වර්ග තියෙනවා.
දියර පොහොර ලංකාවට ගෙන්වන්න පුළුවන් ද?
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා,කාබනික පොහොර ගේන්න තියෙන්නේ එක ප්‍රමිතියයි. ඒක අර ප්‍රමිති ආයතනයේ 17-04 නීතිය. ඒක යටතේ ගේන්න පුළුවන් ජීවානුහරණය කළ ඝන පොහොර තමයි ගේන්න පුළුවන්. දියර පොහොර කොහොමත් ගේන්න මම හිතන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රමිතියක් හදලා නැහැ. දැනට ලංකාවේ තියන දියර පොහොර සඳහා ප්‍රමිතිය තියෙන්නේ ලංකාවේ දේශීය අමුද්‍රව්‍යවලින් හදාගන්නා පොහොරවලට විතරයි. ආනයනය කිරීම සඳහා නෙවෙයි.
සාම්පල ප්‍රමිතිගතයි කියන පොහොර ගැන පූර්ණ විශ්වාසය තැබිය හැකි ද?
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා,මේකෙ තියන ප්‍රධානම භයානකකම තමයි ඒ අහිතකර ජීවින් හොයාගන්න ක්‍රමවේද නැති එක. අහිතකර ජීවින්ගෙන් ඉතාමත් ස්වල්ප ප්‍රමාණයයි අපේ විද්‍යාගාරවල හඳුනගන්න පුළුවන්. ඒකනිසා අපිට කවුරුහරි කියනව නම් මේකේ අහිතකර ජීවීන් නැහැ කියලා ඒක අපිට පිළිගන්න බැහැ. ඒ නිසා ආයිත් ගේන්න යන්නේ කාබනික පොහොර නම් ඒ අවදානම තවමත් ඒ විදිහටම තියනවාසමගි ජනබලවේගයේ පා.ම, රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,
අද කාබනික පොහොර ගෙන්වන්න දැන් මේ වෙනකොට වාර්තා 3 ක් ෆේල් ඊළඟට 2 වැනි වාර්තාව පොලිස් ගාඩ් එක දාලා අරන් ගියේ මොකද ඉන්ජෙක්ට් කරලා තිබුණේ කියලා. දැන් ඒ වාර්තාවත් ඇවිල්ලා තියෙනවා. ඒකෙත් අර්විනියා තියෙනවා. ඉතිහාසයේ තියෙනවා ලංකාවේ උඩරට අල වගාව විනාශ වෙන්න ගියපු අවස්ථාව. මෙන්න මේ අර්විනියා තියෙන පොහොර තමයි මේ ගේන්න හදන්නේ. මේ තමයි වාර්තාව මේකේ තියෙනවා බැක්ටිරියාව තියෙනවා කියලා 10ට අඩුවෙන්. සත්ත්ව හා මිනිස් මළ පහවල තමයි ක්ලෝනිෆෝම් තියෙන්නේ. එතකොට මේ අය කියනවා මේ ගෙන්වන්නේ මුහුදු ශාඛවලින් ලැබෙන පොහොරක් කියලා. එතකොට මේ මුහුදු ශාඛවලින් හදන පොහොරවලට සත්ත්ව මළ පහ එකතු වුණේ කොහොමද? ඒකයි මම කිව්වේ චීන කක්කුසි ලංකාවට ගේනවා කියලා
