නිදහස් කරන ලද අලි ඇතුන් ගැන අධිකරණ නියෝගයක්..

නිදහස් කරන ලද අලි ඇතුන් 15 දෙනා ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවන්නැයි අධිකරණ නියෝගයක්..

by Staff writer 29-09-2021 | 1:37 PM

COLOMBO (News 1st) –  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය සහ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදහස් කරන ලද අලි ඇතුන් 15 දෙනා ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද(29) වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් කළේ ය.

එම අලි ඇතුන් නිදහස් කිරීම අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කර තිබුණේ, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව කිහිපයකි. පෙත්සම් සලකා බැලුණේ, සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල හමුවේ ය. අධිකරණය විසින් නිදහස් කර තිබූ සුජීවා නැමති ඇතින්න සහ ඇය බිහිකළ මාස 04ක් වයසැති අලිපැටවා උඩවලව ඇත් අතුරු සෙවනේ තවදුරටත් රඳවා ගන්නා ලෙසට ද විනිසුරු මඩුල්ල නියෝග කළේ ය. විනිසුරු මඩුල්ල නියෝග කළේ, මෙම පෙත්සමවලට අතරමැදි පාර්ශ්ව ලෙස සම්බන්ධ වී කරුණු දැක්වීමට ඉල්ලා සිටි පාර්ශ්වවලට ලබන 13 වැනිදා අධිකරණය හමුවේ ලිඛිත දේශන ගොනු කරන ලෙසටයි.   https://youtu.be/fdFqozBgj-Y