බූස්ටර් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නතට අනුමැතිය..

තුන්වන මාත්‍රාව සහ බූස්ටර් එකක් ලෙස භාවිතයට ෆයිසර් එන්නතට අනුමැතිය.. - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

by Staff writer 29-09-2021 | 6:57 PM

COLOMBO (News 1st) – එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අවුරුදු 60 ට වැඩි සියලුම ජනතාවට ප්‍රතිශක්තිකරණ කරන ඉහළ නැංවීමේ එන්නත් මාත්‍රාවක් ලබා දීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය.
පහුගිය දිනක ඒ.සී.සී.ඩී කමිටුව රැස් වෙලා තීරණයක් අරගෙන තියෙනවා. එතකොට තුන්වෙනි මාත්‍රාව හෝ නැත්නම් බූස්ටර් ඩෝස් එකක්. බූස්ටර් ඩෝස් එකයි තුන්වෙනි මාත්‍රාවයි කියන්නේ දෙකක්. ඒ සඳහා ඔවුන් අපිට නිර්ණායකයන් ලබා දුන්නා. අවුරදු 60 වැඩි සියලුම ජනතාවට තව බූස්ටර් ඩෝස් එකක් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම අවුරුදු හැටත් තිහත් අතර ලෙඩ රෝගවලින් පෙළෙන අයට බූස්ටර් ඩෝස් එකක් ලබා දෙන්න ඔවුන් නියම කරා. ඊට අමතරවට පිළිකා නැත්නම් වකුගඩු රෝගවලින්, නැත්නම් වකුගඩු බද්ධ කරලා තිබෙන, අපගේ ප්‍රතිශක්තිකරණය අඩු වෙච්ච නැත්නම් ඒ සඳහා ඖෂධ ගන්නට අයට අපි තුන්වැනි මාත්‍රාවක් ලබා දෙන්න ඕනේ. අපිට අනුමැතිය ලබා දුන්නා. ඊට අමතරව සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහ අනෙකුත් ෆ්‍රන්ට් ලයින් වර්කර්ස්ලාට බූස්ටර් ඩෝස් එකක් ලබා දෙන්නත් ඔවුන් අනුමැතිය අපිට ලබා දුන්නා. ෆයිසර් මාත්‍රාව තමයි අපි ෆයිසර් එන්නත තමයි අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ.