ජැෆ්නා ස්ටැලියන්ස් අයිතිය ලයිකා මොබයිල් සමාගමට

ජැෆ්නා ස්ටැලියන්ස් හිමිකාරීත්වය ලයිකා මොබයිල් සමාගමට

by Staff Writer . 29-09-2021 | 8:46 AM
COLOMBO (News 1st): ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරගාවලියේ පළමුවර ශූරතාව දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ශ්‍රී ලංකාවේ උපන් ව්‍යාපාරික අලිරාජා සුබාස්කරන් මහතාට අයත් ලයිකා මොබයිල් සමාගමට හිමිවී ඇතැයි වාර්තා විය. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස්වීමත් සමග ඉදිරියේදී කණ්ඩායමේ නම සහ ලාංඡනය ද වෙනස්වනු ඇති. මේ අතර ආයෝජන තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට මෙම තරගාවලිය යොදා ගැනීමට තමන් උත්සාහ කළ නමුත් අවාසනාවන්ත ලෙස එය අහිමි වූ බව පසුගියවර තරගාවලියේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකරුවන් එම කණ්ඩායම් ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබේ. ඔවුන් පවසන්නේ තම ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැදින බවය. LPL දෙවැනි අදියර ලබන දෙසැම්බර් 04 වැනිදා සිට දෙසැම්බර් 23 වැනිදා දක්වා කණ්ඩායම් 5 ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.