තෙල් මිලත් යළිත් ඉහළ යයි ද?

ඉන්ධන මිල තවදුරටත් දරාගන්න බැරිවුණොත් අපිට සිද්ධ වෙනවා ඒක ජනතාවට භාර දෙන්න.. - උදය ගම්මන්පිල

by Staff writer 29-09-2021 | 9:52 PM

COLOMBO (News 1st) - ඛනිජ තෙල් මිල සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය.

අගෝස්තු 31 වන විටත් තෙල් සංස්ථාව බිලියන 70 ක් පාඩුයි එකපැත්තකින් ඩොලරයේ අගය ඉහළ ගිහිල්ලා තියෙනවා අනිත් එකේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල දිගින් දිගටම ඉහළ යනවා අපි ජුනි මාසේ 11 වැනි දා මිල වැඩි කිරීමේ ඉඳලා ගත්තොත් සියයට 20 කට වඩා වැඩි මිලකින් ප්‍රමාණයකින් ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. අපිට සිද්ධ වෙනවා මෙය තවදුරටත් දරාගන්න බැරි වුණොත් ඒක ජනතාවට භාරදෙන්න.

තෙල් මිලදී ගන්න ඩොලර් තිබෙනවා ද?

බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා,
පසුගිය මාසවල  විදේශ විනිමය හිඟයකට ශ්‍රී ලංකාව මුහුණපෑවත් සීමිත විදේශ විනිමය වැය කිරීමේදී ප්‍රමුඛතා පදනමින් ඉන්ධනවලට විදේශ විනිමය වැය කිරීමට ආණ්ඩුව ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුව නිසා අපේ රටේ ඉන්ධන හිඟයක් ඇතිවුනේ නෑ. ඒ වගේම  සෑම මසකම ඩොලර් මිලියන 200 බැගින් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලබාදීමට නව මහ බැංකු අධිපතිතුමා අපිට පොරොන්දු වෙලා තියෙනවා ඒ නිසා විදේශ විනිමය අර්බුදයකට රට මුහුණපෑවත් ඛනිජ තෙල් ආනයනයට ඉන් කිසිම බලපෑමක්  එන්නේ නෑයි කියන එක අපිට ඉතාම වගකීමෙන් කියන්න පුළුවන්.