by Staff writer 29-09-2021 | 6:32 PM
COLOMBO (News 1st) – අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාත් දුරට අවම වන පරිදි සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) මහ බැංකු අධිපතිවරයාට උපදෙස් ලබා දී තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණවලට දැනට පනවා ඇති ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකයින් සහ ජනතාව පත්ව ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන් බවයි.
ඒ අනුව, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊට අදාළ විසදුම් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.