2022විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුවට දාන්න අනුමැතිය

2022 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය..

by Staff writer 28-09-2021 | 2:12 PM

COLOMBO (News 1st) – 2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිවිය.

ඒ, මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. පසුගිය ජුලි 26 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී 2022 විසර්ජන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. මේ වනවිට ඒ සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ය.