වරාය:අත්‍යවශ්‍ය ආහාර නිදහස් කිරීමට කඩිනම් පියවර

වරායේ ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය ඩො.මි. 50ක් වෙන් කෙරේ

by Staff writer 28-09-2021 | 9:37 AM

COLOMBO (News 1st) – කොළඹ වරායේ ගොඩගැසී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ, ඊයේ(27) රාත්‍රියේ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ය. එම භාණ්ඩ නිදහස් කර ගැනිම සඳහා ඩොලර් මිලියන 50 ක් මුදල් අමාත්‍යාංශය මේ වනවිට වෙන්කර තිබේ. වරායේ ගොඩගැසී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මුදා හරින ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද පසුගියදා උපදෙස් ලබා දුන්නේ ය.