රිය අනතුරු 5කින් 5ක් මරුට..

රිය අනතුරු 5කින් අවුරුදු තුන හමාරක දරුවෙකු ඇතුළු 5ක් මරුට..

by Staff writer 28-09-2021 | 9:33 AM

COLOMBO (News 1st) – ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, පල්ලම, ගාල්ල ,පෑලියගොඩ, මහඔය සහ හබරණ පොලිස්බල ප්‍රදේශවලදී එම අනතුරු සිදුව ඇති බවය. පල්ලම , සේරුකැලේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ට්‍රැක්ටරයකින් තණකොළ කපමින් සිටින අතුරතුර එම ස්ථානයට පැමිණි අවුරුදු තුන හමාරක් වයසැති ඔහුගේ දරුවා එහි ගැටී මියගොස් ඇති බවයි. ගාල්ල, එලියට් අතුරු මාර්ගයේ පාපැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටිමෙන් සිදුවූ අනතුරකින් 72 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියේ ය. කොළඹ - නුවර මාර්ගයේ පට්ටිය හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී 72 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර මහඔය පුලාවල ප්‍රදේශයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටීමෙන් 45 හැවිරිදි පුද්ගලයෙකු මියගිය බව පොලිසිය සඳහන් කළේ ය. හබරණ - පොළොන්නරුව මාර්ගයේ සීගිරිය මාර්ගයේදී ටිපර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් මියගොස් ඇත්තේ 67 හැවිරිදි පුද්ගලයෙකි.