මතුගම නිවසකින් හමුවූ තහනම් ද්‍රව්‍ය..

මතුගම නිවසකින් හමුවූ තහනම් ද්‍රව්‍ය..

by Staff writer 28-09-2021 | 1:17 PM

COLOMBO (News 1st) – මතුගම, යටදොළවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් යන නිවසක තීබී හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ මෙහෙයුමකින් ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, එහි තිබී හෙරෝයින් කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 55 ක්, අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් හා මත්ද්‍රව්‍ය කිරීමට භාවිත කරන තරාදියක් සොයා ගෙන ඇති බවය. ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව ඔහු පැවසුවේ ය