''මගේ ස්ථාවරය මං පැහැදිලිව දැනුම් දුන්නා''

''මගේ ස්ථාවරය පැහැදිලිව දැනුම් දුන්නා''- ඩලස් අලහප්පෙරුම

by Staff Writer . 28-09-2021 | 9:24 PM

COLOMBO (NEWS1ST) :  කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ 40% ක කොටස් හා ස්වභාවික ද්‍රව වායු සැපයුම අමෙරිකානු සමාගමකට විකිණීම පිළිබඳව ඇත්තේ සංවාදාත්මක තත්ත්වයකි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හිටපු විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඒ පිළිබඳව දරන සිය පෞද්ගලික මතය අද (28) පැහැදිලි කළේ ය. සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එහිදී ප්‍රකාශ කළේ, රටක් රට තුළ ස්වභාවික ද්‍රවකෘත වායු එල්.එන්.ජී වැනි එකක් සැපයීමේ ඒකාධිකාරයක් කිසි ලෙසකින් වෙනත් රටක පැවතිය යුතු නැත.. යන්න   දිගින් දිගටම තම ස්ථාවරය වූ බවයි. තව ද ස්ථිර වශයෙන්ම ලබන පාර්ලිමේන්තු සතියේදි මුදල් අමාත්‍යාංශයත් , විදුලිබල අමාත්‍යාංශයත් ඒ සියලු කාරණා පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරනු ඇතැයි, ද සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
''මගේ ස්ථාවරය මං පැහැදිලිව ඒ වෙලාවේ කැබිනට්ටුව‍ට ඒ වෙලාවේ දැනුම් දුන්නා. නමුත් අලුත් ගිවිසුම් පිළිබඳව තාම දැනුවත් කිරීමක් කරලා නැති නිසා. නමුත් ස්ථිර වශයෙන්ම ලබන පාර්ලිමේන්තු සතියේදි මුදල් අමාත්‍යාංශයත් , විදුලිබල අමාත්‍යාංශයත් ඒ සියලු කාරණා පිළිබඳ දැනුවත් කිරීම සිද්ධ කරාවි. ඔබ මගේ ස්ථාවරය ඇහුවේ මම දිගින් දිගටම හිටපු ස්ථාවරය තමයි රට තුළ ස්වභාවික ද්‍රවකෘත වායු එල්.එන්.ජී. වැනි එකක් සැපයීමේ ඒකාධිකාරයක් කිසි ලෙසක වෙනත් රටක පවතින්න ඕනේ නෑ. කියන එක තමයි මම දිගින් දිගටම දරන ස්ථාවරය ඒ ඉල්ලීම තමයි විදුලිබල අමාත්‍යවරයාව සිටියදී ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවලා ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න තීරණය කළේ''