පාසල් සහ සරසවි යළි විවෘත කරන සැලසුම මෙන්න...

by Staff Writer . 28-09-2021 | 10:02 PM

COLOMBO (NEWS1ST) : අදියර 4 ක් යටතේ පාසල් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළේ ය.

ඒඅනුව, පළමු අදියර : 200 ට අඩු එක සහ පහ ශ්‍රේණි සඳහා පංති ආරම්භ කිරීම දෙවන අදියර : 200 ට අඩු සියලුම පාසල් පාසල් ආරම්භ කිරීම තුන්වන අදියර : සාමන්‍ය පෙළ හා උසස් පෙළ පංති ආරම්භ කිරීම හතර වන අදියර : සියලුම පාසල් ආරම්භ කිරීම ඔක්කොම්බර් මාසයේ අවසන් වන විට එලෙස පාසල් ආරම්භ කිරීමට සම්පුර්ණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්විමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, අවම වශයෙන් එළඹෙන නොවැම්බර් මාසයේදි අවසන් වසර දෙක (3,4) සඳහා විශ්වවිද්‍යාල යළි විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි. මේ අතර 2020 උසස් පෙළ සිසුන්ගේ කඩඉම් ලකුණු ඔක්තොම්බර් මස දෙවනි සතිය වන විට ලබා දීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.