ගුවන් මගීන්ට ඔක්. 01 වැනිදා සිට නව මාර්ගෝපදේශ

දෙස් විදෙස් ගුවන් මගීන්ට ඔක්තෝම්බර් 01 වැනිදා සිට නව මාර්ගෝපදේශ..

by Staff Writer . 28-09-2021 | 7:57 PM

COLOMBO (News 1st): මෙරටට පැමිණෙන දෙස් - විදෙස් ගුවන් මගීන්ට ඔක්තෝම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය හා විදේශීය ගුවන් මගීන්, ගුවන්ගත වනවිට කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් ආසාදිතයෙකු නොවන්නේනම් මෙරටදී යළි පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය නොකර ඔවුන් ගුවන් තොටුපොළේදී සමාජගත කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.