තවත් කොරෝනා මරණ 55 ක්

තවත් කොරෝනා මරණ 55 ක්

by Chathurika Jayasundara 28-09-2021 | 9:29 PM

COLOMBO (News 1st) – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 55 ක් තහවුරු කර තිබේ .

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 29 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 26 දෙනා කාන්තාවන් ය. මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍16 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 39 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය. අද (28) වාර්තා කරන ලද මෙම මරණ 55 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.