චීන්නූ වසා දැමූ කොළඹ ඇවිදින මංතීරුව..

චීන්නූ වසා දැමූ කොළඹ ඇවිදින මංතීරුව..

by Staff writer 28-09-2021 | 9:49 PM

COLOMBO (News 1st) – චීන ජාතිකයෙකුගේ අධීක්ෂණය යටතේ පැමිණි පිරිසක් අද (28) පස්වරුවේ කොළඹ කොටුවේ පිහිටි ඇවිදින මං තීරුවක් වසා දමා තිබේ.

මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ සිට කොළඹ වරාය පිවිසුම් දොරටුව ආසන්නය දක්වා ඉදිකර ඇති ඇවිදින මංතීරුව මෙලෙස වසා දැමුවේ රේගු මූලස්ථානය ආසන්නයේදී ය. 2015 මේ මංතීරුව ඉදිකර තිබුණි. චීන සමාගමක් මගින් ක්‍රියාත්මක ව්‍යපෘතියකට මේ භූමිය ලබාදී ඇති බැවින් මෙලෙස ඇවිදින මංතීරුව වසා දමන බව අප කළ විමසීම්වලදී අනාවරණය විය.