කොටස් වෙළෙඳපොළ දර්ශක වාර්තාගත ලෙස ඉහළට

කොටස් වෙළෙඳපොළ දර්ශක වාර්තාගත ලෙස ඉහළට

by Staff Writer . 28-09-2021 | 10:09 PM

COLOMBO (NEWS1ST) :  ලෝක ශූරතා තරගාවලියට සහභාගිවීමට ඩොලර් 6500 ක් නොමැතිව මල්ලව පොර සංගමය අර්බුදයක සිටින අතරවාරයේ අද (28) කොටස් වෙළෙඳපොළ දර්ශක වාර්තාගත ලෙස ඉහළ ගියේ ය.

අද කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශක අගය වාර්ත වුණේ, ඒකක 9339.28 ක් ලෙසයි. එය ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගයයි. අද දිනයේ කොළඹ කොටස් වෙළදපොළ දෛනික පිරිවැටුම බිලියන 6.6 ඉක්මවා යාම කැපී පෙනේ. එස් ඇන්ඩ් පී එස් එල් ටුවෙන්ටි දර්ශක අගය දැක්වුණේ 3444 . 06 ක් ලෙසයි.