මිත්‍යා මත නිසා එන්නත්කරණයේ පසුබෑමක්

මිත්‍යා මත නිසා එන්නත්කරණයේ පසුබෑමක් - විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

by Staff writer 28-09-2021 | 3:34 PM

COLOMBO (News 1st) - සැලසුම් සහගතව ප්‍රචාරය කළ වැරදි මත හේතුවෙන් එන්නත්කරණයේ පසුබෑමක් සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ප්‍රශ්නය,
ඉලක්කගත කර ඇති තරුණ ජනගහණය තවමත් සියයට 50 ක්වත් එන්නත්කර නැහැ සම්පුර්ණ වසංගත මර්දන ක්‍රියාවලියටම මෙය ලොකු බලපෑමක් සෘජු බලපැමක් වෙනවා නේද ?
නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
මිත්‍යා මත ගණනාවක් නිසා මං හිතනවා මේක හිතාමතාම කරපු යම් සැලසුම් සහගත ලෙස මේ එන්නතින් ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධ ගැන වැරදි මත ඉදිරිපත් කිරීම හරහා මේකේ යම්කිසි ආකාරයකට පසුබෑමක් සිද්ධවෙලා තියනවා. අපි ඒක නිසා තමයි තරුණ ජනකොටස්වලින් ඉල්ලා සිටින්නේ තමන්ට ළඟම තියන එන්නත් මධ්‍යස්ථානයට ගොස් එතන තියන එන්නත හැකි ඉක්මනින් ලබාගන්න කියලා මොකද ඉදිරියේදී වෙනත් අකාරයේ එන්නත් කටයුතු සිද්ධ වෙන ක්‍රියාවලියන් තුළ ඒ ඒ වයස් ඛාණ්ඩවලට එන්නත් කර ගැනීමට තියන අවස්ථාවන් සීමා කිරීමට සිද්ධ වෙන්න ඉඩ තියනවා.