පිටරටින් හාල් ‍ගේන්න තීරණය කළේ කැමැත්තෙන් නෙමෙයි – එස්. එම්. චන්ද්‍රසේන

පිටරටින් හාල් ‍ගේන්න තීරණය කළේ කැමැත්තෙන් නෙමෙයි – එස්. එම්. චන්ද්‍රසේන

පිටරටින් හාල් ‍ගේන්න තීරණය කළේ කැමැත්තෙන් නෙමෙයි – එස්. එම්. චන්ද්‍රසේන

කර්තෘ Staff writer

28 Sep, 2021 | 3:25 pm

COLOMBO (News 1st) – සහල් ආනයන කිරීමට ගත් තීරණය ගැන අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා අදහස් පළ කළේ ය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ, පිටරටින් සහල් ගෙන්වන්න ගත්ත තීන්දුව කැමැත්තෙන් ගත්ත තීන්දුවක් නොවන බවය.

ඉඩම් අමාත්‍ය, එස්.එම්. චන්ද්‍රසේන මහතා,

අපි ඊයේ තීන්දුවක් ගත්තා පිටරටින් සහල් ගෙන්වන්න. ඒක ඇත්තමට අපි කැමැත්තෙන් ගත්ත තීන්දුවක් නෙවෙයි. ජනාධිපතිතුමා හුඟාක් අවස්ථාවල සහල් ගෙවන්න ඕනේ අවස්ථාවල සහල් ගෙනාවේ නැහැ. ගොවියා ශක්තිමත් කරන්න තමයි සහල් ගෙන්වීම නැවැත්තුවේ. අපි ආණ්ඩුව ගන්න කොට වී කිලෝ එකක් ගත්තේ තිබ්බ රු. 32ට.අපි 52 ක් කරා. අපි රු. 20 කින් වැඩි කරා. නමුත් වී අළෙවි මණ්ඩලයට දුන්නේ නැහැ. වෙළෙන්දො වැඩි මිලට ගත්තා. අපි ඒක නරකයි කියලා කියන්නේ නැහැ, ගොවියාට වාසි වෙන එක. පස්සේ අපි 55 කරා.  ගොවියා, ව්‍යාපාරිකයා, පාරිභෝගිකයා ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා. ගොවියා මෝල්හිමියන් අතර සමතුලිත තත්ත්වයක් ඇති කරන්න බැරි වුණා. දැන් පෝලිම් පෙන්නවා. සහල්වලට පෝලිම්වල ඉන්න ඕනේ නැහැ. අපි ප්‍රතිපත්තියක් විදියට පුළුවන් තරම් කල් රැක ගෙන හිටියා. බැරිම තැන තමයි මේ කටයුත්ත කරන්න තීරණය කරේ. යම්කිසි විදියකට වී ටික හාල් ටික එළියට දැම්මොත් අපිට හාල් ගේන එක අඩු කරන්න පුළුවන්

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]