by Staff writer 28-09-2021 | 9:28 AM
COLOMBO (News 1st) – කොරෝනා ආසාදිතයින් 83 දෙනෙකු මේ වනවිට දැඩි සත්කාරවල(ICU) ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා සම්බන්ධීකාරක අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්ද්‍රානි මහතා සඳහන් කළේ, විශේෂිත වූ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඔක්සිජන් මත යැපෙන රෝගීන් 382 ක් පමණ සිටින බවය.
මීට පෙර එම සංඛ්‍යාව එක්දහස් එකසියය දක්වා ඉහළ ගොස් තිබුණි.
කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන 275 ක් මේ වනවිට ක්‍රියාත්මක වෙයි.