සැමියෙකු සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කරයි..

සැමියෙකු සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කරයි..

by Staff writer 27-09-2021 | 3:48 PM

COLOMBO (NEWS1ST) :  ඇඹිලිපිටිය, කරදමණ්ඩිය ප්‍රදේශයේදී සැමියා විසින් සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, ආරවුලක් දුරදිග ගොස් ඊයේ(26) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති බවය. වෙඩි තැබීමෙන් බරපතල තූවාල ලැබූ කාන්තාව ඊයේ රාත්‍රි 9.00ට පමණ ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව පොලීසිය සඳහන් කළේ ය. මියගොස් ඇත්තේ 35 හැවිරිදි දෙදරු මවකි. වෙඩි තැබීම සිදු කළ 45 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. වෙඩි තැබීම සිදු කර ඇත්තේ ගල්කටස් වර්ගයේ මෙරට නිෂ්පාදිත තුවක්කුවකින්ය. සැකකරු අද(27) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය. මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද ඇඹිලිපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.