රට විවෘත කළ යුත්තේ ක්‍රමානුකූලව - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

by Staff writer 27-09-2021 | 4:07 PM

COLOMBO (News 1st) - රට විවෘත කළත් එය ක්‍රමානූකූලව කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්න මහතා
අද යම් ආකාරයකට මේ රෝගී තත්ත්වය යම් පාලනයකට ගෙනල්ලා තියන මොහොතක ගිය වතාවෙත් අපි හොඳටම දැක්කා පළවෙනි කඩා වැටීම ආරම්භ වුණේ මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගත් එක්ක ඒ කඩා වැටීමම නැවත ආරම්භ කිරීමට මේක සංවිධානය කරන අය සහ මේකට සහභාගි වෙන අය සියලු දෙනාගෙම වගකීමකින් යුතුව කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. රෝගීන්ගේ අඩුවීම ඉතාමත් සැලකිය යුතු අඩුවීමක් තියනවා ඊයේ දිනයේත් දහා ඉක්මවලා තියනවා තවමත් දාහා ඉක්මවලා වාර්තා වෙනවා තියන්නේ සියයට සියයක් සෑහීමකට පත්වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ වගේම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වෙනවා යම් ආකාරයකට රට විවෘත කලත් ක්‍රමනූකූලව තමයි ඒක කළ යුත්තේ එසේ කලත් මේ රෝගය බෝවීමට තියන ඉඩකඩ අවම වෙන ලෙස හැසිරීම කටයුතු ක්‍රියාකිරීම වැදගත් වෙනවා. අපි රෝගය පැතිරෙන ආකාරයට වැඩකලොත් ප්‍රතිඵල ලැබෙන්නේ තවත් දවස් 14 ක් විතර ගියාට පස්සේ එතකොට අපට ප්‍රමාද වැඩියි