යතුරු පැදි 2 ක් එකිනෙක ගැටී දෙදෙනෙකු මරුට..

යතුරු පැදි 2 ක් එකිනෙක ගැටී දෙදෙනෙකු මරුට..

by Staff writer 27-09-2021 | 5:35 PM

COLOMBO (NEWS1ST) : දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ ගොකරැල්ල, 15 කණුව ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරුකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, යතුරු පැදියක් අපරීක්ෂාකාරි ලෙස ලොරි රථයක් පසුකර යාමට තැත් කිරිමේදී තවත් යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. ඉන් මියගොස් ඇත්තේ 26 හා 41 හැවිරිදි ගොකරැල්ල හා මරදන්කඩවල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. මේ අතර හලාවත, ගලෙන්බිඳුණුවැව හා සීදූව පොලිස් බල ප්‍රදේශවල සිදුවූ තවත් රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.