මනූෂට සිහිකැඳවීමක්..

මනූෂ නානායක්කාරට CID යේ ඩිජිටල් වෝහාරික ස්ථානාධිපතිවරයාගෙන් සිහිකැඳවීමක්..

by Staff writer 27-09-2021 | 10:52 PM

COLOMBO (News 1st) - දත්ත මගඩිය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ පදනම්කොට සිදු කරන විමර්ශනයට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික ස්ථානාධිපතිවරයා සිහිකැඳවීමක් එවා තිබේ.

මනූෂ නානායක්කාර මහතාට එරෙහිව පැමිණිල්ල ගොනුකර තිබෙන්නේ, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමූහ ආරක්ෂක නිලධාරියායි. සැප්තැම්බර් 03 වැනි දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කළ අදහස්වලට අනුව විමර්ශනයට අදාල තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවය එන ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී තිබුණි. එදින නොපැමිණීම මුල්කොට ගෙන ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා මන්ත්‍රීවරායට නිකුත් කළ සිහිකැඳවීමේ සඳහන් වන්නේ අදාල නියෝගයට අනුව ක්‍රියානොකිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 172 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවය. හිටපු සෞඛ්‍ය අමාත්‍ය, රාජිත සේනාරත්න මහතා,
දත්ත මගඩියේ ඉන්න ඉංජිනේරුවා ව අත්අඩංගුවට ගන්නේ නැතුව වටේම ඉන්න කට්ටියව අත්අඩංගුවට ගන්නවා. එයාගෙ අතින් නේ මේක උනේ කියන්නේ. ඩිලීට් කරන්නද ඩිලීට් කරන්නද කියලා පස් සැරයක් අහනවා. පස් සැරයක් ඒක කරොත් තමයි මේක ඩිලිට් වෙන්නේ. ඒ කියන්නේ උවමනාවෙන්. ඉතින් ඒ නිසා මේක තනිකර මගඩියක්. තමන් කරපු මගඩිය වහගන්නට තමයි මේ මේ දත්ත මගඩිය සිදු වුණේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා,
තොරතුරු කියන්නේ මහජන දේපලක් ඒවායේ අයිතිය අවසාන වශයෙන් තියෙන්නේ මහජනයාට. වෛද්‍ය මිලදී ගැනීම් වෛද්‍ය සැපයීම් බෙදාහැරීම් හා ටෙන්ඩර් පටිපාටිය පිළිබඳව  මේ දත්ත ඉතාමත් වැදගත් මහජන දේපලක්. අද මේක අතුරුදහන් වෙලා. අද ආණ්ඩුව මේ සම්බන්ධයෙන් මොකක්ද කරන්නේ කියලා පැහැදිලි නැහැ. කොම්පැනියකට බනිනවා , වෙලාවකට අයි.සී.ටී. ඒ එකට බනිනනවා අපිට සැකයි මේ ඔස්සේ  මොකක් හරි ජාවාරමකට ආණ්ඩුව පැත්තේ මැදිහත් වීමක් තියෙනවා කියලා. අනාගතයේ බලාපොරොත්තු වෙනවා තොරතුරු පනත යටතේ තොරතුරු විනාශ කිරීම බරපතල වරදක්. අපි අධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේ මොකකක්ද මිනිස්සුන්ට ගන්න පුළුවන් පිළිසරණ. තොරතුරු කොමිසමට පැමිණිලි කරන්න පුළුවන්. අපි දන්නවා රාජපක්ෂවරු තොරතුරු දැනගැනීමේ නීතිය ගේන්න හදනකොට දක්වපු ආකල්පය මොක්කද කියලා. තොරතුරු ඕනනම් මගෙන් ඉල්ලන්න කිව්වා.