බලපත්‍ර නොමැතිව ඩ්‍රෝන කැමරාවක් යැවූ දෙදෙනෙකු කොටු

බලපත්‍ර නොමැතිව ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කළ දෙදෙනෙකු මිරිහානේදී අත්අඩංගුවට

by Staff writer 27-09-2021 | 3:53 PM

COLOMBO (NEWS1ST) : බලපත්‍ර නොමැතිව ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කළ සැකකරුවන් දෙදෙනෙකු මිරිහාන වැලි පාර්ක් උද්‍යානයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඩ්‍රෝන කැමරාව ද සිය භාරයට ගත් බවය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 සහ 33 වයස්වල පසුවන මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.