පරාක්‍රම සමුද්‍රය: අලි වැට යළි සැකසීම ඇරඹේ

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම ආසන්නයේ අලි වැට යළි සැකසීම ඇරඹේ..

by Staff writer 27-09-2021 | 3:45 PM

COLOMBO (News 1st) - පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම ආසන්නයේ අලි වැට යළි සැකසීම ආරම්භ කර තිබේ.

මේ යටතේ සකස් කෙරෙන්නේ දිසාපති නිල නිවසේ සියට තානායම දක්වා කොටසයි. වන අලි තර්ජන ගැන සොයා බැලීමට පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් අද (27) උදෑසන පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මට පැමිණියහ. මහා සංඝරත්නය ඇතුළු පිරිස් මෙලෙස පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මතට පැමිණියේ, ඇවිදින මංතීරුව තැනීම සඳහා පසුගිය සමයේ ඉවත් කළ වනඅලි වැටි යළි සකසන අයුරු නිරීක්ෂණය කිරීම වෙනුවෙනි. මෙම අලි වැට පරාක්‍රම සමුද්‍ර පරිශ්‍රයේ පිහිටි දිසාපති නිල නිවස අසලින් ඉවත් කර තිබුණේ, පොළොන්නරුව තානායම දක්වා කොටසේයි. මෙම ඉවත් කිරීම හේතුවෙන් පසුගිය දින කිහිපයේ වන අලින් පොළොන්නරුව නව නරග ආශ්‍රිත ගම්මාන රැසකට හානි කර තිබේ. අලි වැට යළි සැකසීමට වනජීවී නිලධාරීන් පියවර ගත්තේ, භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ ප්‍රදේශවාසී ජනතාවගේ දැඩි විරෝධය හමුවේදීය.