නව ආරක ඉඩම් කොල්ලයක්..

නව ආරක ඉඩම් කොල්ලයක් ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්

by Staff writer 27-09-2021 | 9:29 PM

COLOMBO (News 1st) - ඩාර්ලි පාරේ පර්චස් 214 ක ඉඩමක් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීමේ එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් අයැදුම්පතක් ගොනු කර තිබේ.

ෆයිනැන්ෂල් ටයිම්ස් වාර්තා කළේ, 12 වැනි වගන්තිය යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළ බවට චෝදනා කරමින්, ඕක් ස්ට්‍රීට් සමාගම, ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සහ පොලීසියට එරෙහිව සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය බවය. මේ අතර නව ආරක ඉඩම් කොල්ලයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(27) පානම ප්‍රදේශයේදී ප්‍රකාශ කළේ ය. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ, පානම රාගම්වෙල ගම්මානයේ ඉඩම් මංකොල්ලයක් සම්බන්ධයෙන් සැලවීමත් සමග ඒ පිළිබඳව සොයා බැලීමට ගිය අවස්ථාවේදීයි. විපක්ෂ නායකවරයා ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පානම ශ්‍රී චන්ද්‍රරතන නාහිමිපාණන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාදය ලබා ගත්තේ ය.