කටුනායක පරීක්ෂණාගාරයේ PCR වාර්තා ඊ මේල් කිරීම ගැන පරීක්ෂණ

by Staff Writer . 27-09-2021 | 7:53 PM

COLOMBO (NEWS1ST) : ගුවන් තොටුපළ ආසන්නයේ ඉදිකළ PCR පරීක්ෂණාගාරයේ මගින් ප්‍රථිඵල නිකුත් කිරීමට පෙර ගුවන් මගීන් මුදා හැරීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරෝධායන ඒකකයට දැනුම් දුන් බව එම අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ, අදාළ පරීක්ෂණාගාරය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අනුමැතිය හෝ මාර්ගෝපදේශ තවමත් ලැබී නොමැති බවයි. ගුවන් තොටුපොළ ආසන්නයේ PCR පරීක්ෂණාගාරය ඉදිකෙරුණේ, ක්ෂණිකව නිවැරදි වාර්තා ලබාදී සංචාරකයින් හා විදෙස්ගත ශ්‍රමිකයින් නිවෙස් වෙත යැවීමටයි. පසුගිය 25 වෙනිදා ආරම්භ කෙරුණු මෙම මධ්‍යස්ථානයේ පසුගිය දින දෙක තුළම PCR පරීක්ෂණයට ලක්වූවන්ට වාර්තා ලබාදීම ප්‍රමාද වූ බව වාර්තා විය. මෙහිදී PCR පරීක්ෂණයක් සඳහා අයකරන මුදල ඩොලර් 40 කි. ආසන්න වශයෙන් රුපියල් අට දහසකට වැඩියි. එහෙත් බොහෝ අය නිවසට ගියේ වාර්තා නැතිවයි. අදාළ පුද්ගලයින් ආසාදිතයෙකු ද නැද්ද යන්න දැනුම් දෙන්නේ නිවසට ගිය පසුවයි. මේ අතර ඊයේ රාත්‍රියේ සිට යළිත් PCR සාම්පල ලබැගැනීම ගුවන්තොටුපළ පරිශ්‍රය තුළම ආරම්භ කෙරුණු අතර එහිදීද සාම්පල ලබාගත් ඇතැම් පුද්ගලයින් ප්‍රථිපල නිකුත් කිරීමට පෙර මුදා හැරිණ. සාම්පල ලබා දුන් එක් කාන්තාවක් මෙලෙස අදහස් පළ කළා ය. ඊයේ හැන්දෑවේ පටන්ග්තේ ගෙදර යන්න පුළුවන් කියලා, අපි ආවේ පැය තුනක් ඉන්න බලාගෙන නමුත් දැන් යන්න පුළුවන් ඒක වඩාත් හොදයි රිපොර්ට් එක ඒ ගොල්ලෝ එවනවා ගෙදරට නැත්තම් ඊ-මේල් කරනවා නියෝජ්‍ය සෙඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළේ ය.
''මේකේ ධාරිතාව අපිට නිසි ආකාරයට නිල වශයෙන් ආරම්භ කරලා ඒ කියන්නේ සෙරමෝනියෙලි ඕපන් කරා, නිල වශයෙන්. නමුත් ඒකේ වැඩි කටයුතු ආරම්භ කරන්න නම්, මේකේ ධාරිතාව අපිට ඉතාමත්ම සෑහීමකට පත් වෙන්න ඕන. ඒ වගේම අඛණ්ඩව සේවාවන් පවත්වා ගෙන යෑමට පුළුවන් බවට අපිට ටෙස්ට් රන් කීපයක් කරලා කර ගන්ඩ ඕනේ''
මාධ්‍යවේදී ප්‍රශ්නය -: මෙතන මේ සාම්පල එන අයගෙන් අරගෙන මෙතනින් මේ අය මුදා හැරියට පස්සේ එකක් තමයි පිටරට ඉදලා එනවා නම් නව ප්‍රභේද එන්න පුළුවන්? පිළිතුර (නියෝජ්‍ය සෙඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ) -: නෑ. ඒක හින්දා තමයි අපි තාම ඒක පටන් ගෙන නැත්තේ ඒක නිසා තමයි. එහෙම ඊ-මේල් කරලා යවන ක්‍රමවේදයකින් අපිට ඔය කියන ආරක්ෂාව ලබා ගන්ඩ බෑ. අපිට දැනට බලාපොරොත්තු වෙන්නේ ගුවන් මගියා එම ගුවන් තොටුපොළෙන් පිටත් වන්නට පෙර ඒ ප්‍රතිඵල ලැබෙන්නට විදිහට ඒක නිසි පරිදි අපි ඒක සංවිධානය කර ගත යුතුයි. ඒ සඳහා ඒ රසායනාගාරය අනුගත විය යුතුයි. මාධ්‍යවේදී ප්‍රශ්නය -: පසුගිය දිනවල එවැනි දෙයක් සිද්ධවෙලා තියනවා පිළිතුර (නියෝජ්‍ය සෙඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ) -: එවැනි දෙයක් සිදු වෙන්න බෑ. මොකද එහෙම නම් අපි මේ මෙච්චර මහන්සි වෙලා රැක ගත්ත දේවල් ආරක්ෂා කර ගන්න පුළුවන් කමක් නැහැ. ඒකයි ඒ රසායනාගාරයක් හැදුවට, ඒකේ විශාලත්වය තිබුණට ඒකට සැබෑ හැකියාව තියෙනවාද කියලා හරියට පැහැදිලි කර ගන්නා තෙක් අපි ඒකට නිසි අවසරය සහ ක්‍රියාත්මක කිරීම අපි ආරම්භ කරන්නේ නැත්තේ ඒකයි. සාමාන්‍යයෙන් මේ තත්ත්වය වෙනස් කරලා නෑ. පරණ තිබිච්ච ක්‍රමවේදය දැනට ක්‍රියාත්මක වෙනවා. මාධ්‍යවේදී ප්‍රශ්නය -: තවමත් හෝටල්වලට ගිහින් PCR එකක් කරලා තමයි යන්න පුළුවන් ? පිළිතුර (නියෝජ්‍ය සෙඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ) -: දැනට එහෙමයි කරන ක්‍රමවේදය තියෙන්නේ. මොකද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමාගේ මාර්ගෝපදේශ නිකුත් කරලා නෑ කියලා අද උදෙත් මට කොරොන්ටයින් සෙක්ෂන් එකෙන් දැනුම් දුන්නා. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම ප්‍රකාශ කළේ වෙනත් මතයකි. එහි උප සභාපති රජිව් සුරියආරච්චි මහතා පවසන්නේ, ඊයේ හවස 6.00 සිට මෙරටට පැමිණෙන ගුවන් මගින් සඳහා පැය දෙකක් දෙකාහාමරක් වැනි කාලයක් තුළ PCR පරීක්ෂණය සිදු කර සිය ගමනාත්ය වෙත යාමට අවශ්‍ය කටයුතු සලසලා ඇති බවයි.
''එකේ යම්කිසි තාක්ෂණික දෝෂයක් ඇතිවෙලා ඒක නිවරදි කරන්න අදාළ බලධාරීන් කටයුතු කරනවා. හැබැයි අප ගුවන්තොටුළ විදිහට ලංකාවට පැමිණෙන සියලුම මගින් අපි ගුවන්තොටුපළ තුළත් PCR පරීක්ෂණාගාරයක් තියෙනවා. අපි ඒක දැන් ඇක්ටිව් කරලා ඒ අනුව ඒ කටයුත්ත කරනවා. දැන් ඊයේ හවස 6 සිට ලංකාවට එන මගින් සඳහා පැය දෙකක් දෙකාහාමරක් වගේ කාලය තුළ PCR පරීක්ෂණය කරලා තමන්ගේ ගමනාත්ය වෙත යන්න අවශ්‍ය කටයුතු අපි සලසලා තියනවා''
මේ අතර සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ පවසන්නේ, ලොව වෙනත් රටවල සිදු වන්නේ, ක්ෂණිකව නැතිනම්, පැයක් වැනි කාලයක් තුළ PCR පරීක්ෂණය සිදු කර ආසාදිතයෙකු ද නැද්ද යන වග සංචාරකයාට දැනුම් දෙන බවයි. ඔහු සඳහන් කර සිටින්නේ, කටුනායක ගුවන්තොටුපළ තුළ ද පැවතිය යුත්තේ හවැනි PCR පරීක්ෂණාගාරයක් බවයි.
''කටුනායක ගුවන්තොටුපළේ දැම්මා විදේහිකයින්ට නැත්තම් ගුවන්තොටුපළෙන් රට ඇතුළට එන්න PCR එක කඩිනමින් කර ගන්න ස්ථානයක්. අද ලෝක සංචාචාරක දිනය සමරන වෙලාවේ අපි කියන්න ඔනි ඒක වහලා, PCR එක අරන් කියනවා. ඊ මේල් එකකින් දන්වන්නම් ඔයා යන්න කියනවා ඉන්න තැනට ? එතකොට ලෙඩෙක් නම් එතන ඉදලා තමයි ඔහු ලෙඩෙක් බවට පත් වෙන්නේ, ඒ වෙනුවට ලෝකයේ රටවල් කරන්නේ ක්ෂණිකව නැත්තම් පැයක් වගේ කෙටි කාලයක් ඇතුළත PCR එක අරගෙන රිපෝට් එක අරගෙන පොසිටිව් ද ? නෙගටිව් ද කියලා බලලා අදාළ සංචාරකයාට දැනුම් දෙනවා. එහෙම තැනක් නේද කටුනායක ගුවන්තොටුපළෙ ඇතුලේ හැදෙන්න ඕන. ලොකයේ සංචාරකයින්ට ලංකාවට එන්න ලෑස්ති වෙන්න කියන පණිවිඩය දෙන්න ඕනා. හැබැයි ඒ වෙනුවට ගුවන්තොටුපළේ තියෙන PCR කරන තැනත් වැහුවා කිවුවම සංචාරකයෝ එයිද රටට ?''