කටුනායක PCR පර්යේෂණාගාරයේ කටයුතු නවතී

කටුනායක ඉදිකළ PCR පර්යේෂණාගාරයේ කටයුතු තාවකාලිවක නවතී..

by Staff writer 27-09-2021 | 3:39 PM

COLOMBO (News 1st) - ගුවන් තොටුපොළ ආසන්නයේ ඉදිකළ PCR පර්යේෂණාගාරයේ කටයුතු තාවකාලිවක නවතා දැමීමට සිදු වූ බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.

එහි නියෝජ්‍ය සභාපති රජීව් සූරියආරච්චි මහතා ප්‍රකාශ කළේ, තාක්ෂණික ගැටලුවක් මතුවීම හේතුවෙන් එම ක්‍රියාමාර්ගය ගත් බවය. මේ වනවිට ඒ සඳහා විකල්ප ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.