12 ට වැඩි සංකූලතා සහිත දරුවන් එන්නත්කරණය අද..

අවුරුදු 12ට වැඩි සංකූලතා සහිත දරුවන් එන්නත්කරණය අද බස්නාහිර රෝහල් රැසකදී..

by Staff writer 27-09-2021 | 10:42 AM

COLOMBO (NEWS1ST) : බස්නාහිර පළාතේ මූලික සහ ඉන් ඉහළ සියලුම රෝහල්වලදී අද(27) සිට අවුරුදු 12 න් ඉහළ සංකුලතා සහිත දරුවන් එන්නත්කරණය කෙරෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

වයස අවුරුදු 12 ත් 19 ත් අතර, ආබාධිත සහිත දරුවන් සඳහා එන්නත්කරණය, රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදු කෙරෙන බව වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ ය. මේ අතර වෛද්‍ය ජී.විජේසුරිය මහතා සඳහන් කළේ, දිවයිනේ අනෙකුත් රෝහල්වලදී මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවත්, එය බොහෝ විය මෙම සතියේ මැදදී සිදු වන බවත් ය. කොරෝනා වැළඳුණු සංකුලතා සහිත දරුවන් 16 දෙනෙකු මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව ද ඔහු සඳහන් කළේ ය. බොහෝ දුරට මෙම රෝගය කොරෝනා වැළදීමෙන් පසු සති 2 ක් ඇතුළත වැළදෙයි. අධික උණ , වමනය , මූණ හා කට රත් පැහැ ගැන්වීම , ඇස් රතු වීම ,බ‌ඩේ කැක්කුම ආදිය මෙහි රෝග ලක්ෂණ බව වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවේ ය.