අපිට හම්බුණේ ආණ්ඩුවක් නෙවෙයි . දේපළ වෙළෙඳ සමාගමක්..-ලක්ෂ්මන් කිරිඇල්ල

by Staff Writer . 27-09-2021 | 9:04 PM

COLOMBO (NEWS1ST) :  කෙරවලපිටිය යුගදනවි බලාගාරය අමෙරිකානු සමාගමකට දීම අනතුරුදායකයි.

සමගි ජනබලවේගය අද (27) මේ පිළිබඳව සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් දැනුවත් කළේ ය. මේ පිළිබඳව මහ නා හිමි දැනුවත් කිරීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එක්ව සිටියහ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහා නාහිමි ඉදිරියේ කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ, ආමරිකානු සමාලම හොර රහසේ රජයේ බලධාරීන් කිහිපදෙනෙකුගේ සහයෝගයෙන්, මධ්‍යම රාත්‍රී 12.06 ට මේ ගිවිසුම අත්සන් කර ඇති බවයි. මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔහු මහ නාහිමි හමුවේ අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ, රාජ්‍ය දේපළ ආරක්ෂා කරන බව කියමිව් බලයට පැමිණි රජය වටිනා දේපළ විකුණමින් සිටින බවයි.'
''රාජ්‍ය දේපළ ආරක්ෂා කරනවා කියලා නේ මේ අය බලයට පත් වුණේ. දැන් රාජ්‍ය දේපළ කොළඹ විතරක් වටිනා ගොඩනැගිලි 15ක් දැනටමත් විකුණන්න පත්තරේ දාලා තියෙනවා. මේක විකුණන්න යනවා. ඇත්තටම ආණ්ඩුවක් නෙවෙයි, දේපළ වෙළෙඳ සමාගමක් හම්බුනේ අපිට. වටිනා දේපළ විකුණ විකුණ යනවා''
සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමි ප්‍රකාශ කළේ, ආණ්ඩු පක්ෂයේ අදහස විය යුත්තේ රට රැක ගැනීම බවත් මහජනතාව ඡන්දේ ලබා දුන්නේ රට ආරක්ෂා කරගැනීමට බවයි. තව ද ජනතාවගේ බලාපොරොත්තුවට විරුද්ධව යමක් සිදු වන්නේ නම්, එය වැරදි බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
''විපක්ෂයේ අදහසත් රට ආරක්ෂා කරගැනීම. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ අදහස විය යුත්තේ රට රැක ගැනීම. මහජනතාව ඡන්දේ දුන්නේ රට ආරක්ෂා කරගන්න තමයි . ජනතාවගේ බලාපොරොත්තුව එයයි. ඊට විරුද්ධව යමක් සිද්ද වෙනවනම් ඒක වැරදියි කියන එක අපි ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි මේවා පිළිබඳව බුද්ධිමත්ව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එක්වෙලා සාකච්ඡා කරලා රටට විපතක් නොවෙන හැටියට කටයුතු කරනවා නම් හොඳයි කියලා අපි විශේෂයෙන් සඳහන් කරනවා. අපි සංඝ සභාව මේ ගැන සාකච්ඡා කරලා අපි මේ ගැන රජයට දනුම් දීමක් කරනවා''
ඉන් අනතුරුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මල්වතු මල්වතු පාර්ශවයේ අනුනායක නියන්ගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් ද බැහැදුටූහ.