අද (27) ත් ප්‍රදේශ රැසකට ධාරාණිපාත වැසි..

අද (27) ත් ප්‍රදේශ රැසකට ධාරාණිපාත වැසි... කාලගුණෙන් අනාවැකි

by Sagarika Chathumali 27-09-2021 | 8:45 AM

COLOMBO (NEWS1ST) :  සබරගමුව පළාත, මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවලටත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. කාලගුණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. මීට අමතරව දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ,දකුණ සහ බස්නාහිර පළාත්වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.(50-60) දක්වා වැඩි විය හැකි බව ද කාලගුණ නිවෙදනයේ සඳහන් ය. මේ අතර ඊයේ පෙරවරු 8.30 සිට මේ දක්වා කාලය තුළ මි.මී. 132 ක් වූ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මාතර වෙලරපනාතර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. රත්නපුර දෙහෙනකන්ද ප්‍රදේශයට මි.මී. 122 . 5 ක් සහ නුවරඑළිය කළුගල ප්‍රදේශයට මි.මී. 112 ක් අදාළ කාලය තුළ ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 5 කට පැනවූ  නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනය අද රාත්‍රි 7 දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනූව ?ගාල්ල දිස්ත්‍රික්කය නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ?කෑගල්ල දිස්ත්‍රික්කය යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ?මාතර දිස්ත්‍රික්කය අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ?නුවරඑළිය දිස්ත්‍රික්කය අඹගමුව කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ?රත්නපුර දිස්ත්‍රික්කය ඇහැලියගෙඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය