කන්ටේනර් මුදා හරින්න මුදල් කෝ ?

අදත් පෝලිම්: ප්‍රමාදය හමුවේ කන්ටේනර්වල තිබෙන කිරිපිටිවල ගුණාත්මක භාවයට මොකද වෙන්නේ ?

by Staff writer 27-09-2021 | 9:32 PM

COLOMBO (News 1st) - කිරිපිටි, පාන්පිටි, ගෑස් මිල වැඩිවන බව ප්‍රචාරය වීමත් සමග වෙළෙඳපොළෙන් එම භාණ්ඩ අතුරුදන් විය.

රටපුරා පාරිභෝගිකයන් භාණ්ඩ මිලදී ගැනීමට අදත් (27) පෝලිම්වල රස්තියාදු විය. නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය අසල ද කිරි පිටි මිලදී ගැනීම සඳහා ජනතාව පෝලිම්වල රැදී සිටියහ. කුරුණෑගල නගරය ආශ්‍රිත ප්‍රදේශවල ද කිරි පිටි පොලිම් දක්නට ලැබුණි. ගාල්ලේ ස්ථාන කිහිපයක ද කිරි පිටි පොලිම් දක්නට ලැබුණි. මේ අතර කිරි පිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් 800 ක් තවමත් කොළඹ වරායේ සිර වී තිබේ. මේ කන්ටේනර් වහා මුදා හරින ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා ආනයන අපනයන පාලක ජනරාල්වරියට හා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේ ය. එහෙත් මෙම කන්ටේනර් මුදා හරින්න මුදල් කෝ ? මේ පිළිබඳව අප කළ වමිසීමකදී මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළේ, අත්‍යවශ්‍ය ආහාර තොග නිදහස් කිරීමට ආනයනකරුවන්ට අවශ්‍ය ඩොලර් නිදහස් කිරීමට නව ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි. ආනයනකරුවන් නිදහස් කර ගැනීම අවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර්වල විස්තර ලේඛනයක් මුදල් අමාත්‍යංශයට ලබාදිය යුතුයි. මෙම කන්ටේනර් වහා මුදා හරින්නට වරාය සූදානමින් සිටින බව වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කෙරේ. වරාය හා නාවුක කටයුතු අමාත්‍ය, රෝහිත අබේගුණවර්ධන මහතා,
ජීවන වියදම් කමිටුවේදී අග්‍රාමාත්‍යතුමා මේ රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වපු ආනයනකරුවන්ට ඒවා නිදහස් කරන්න අවශ්‍ය කරන රේගුවට සහ අනෙකුත් ආයතනවලට උපදෙස් ලබාදීලා තියෙනවා. ඉතිං දැන් ඔවුන්ට පුළුවන් ඉතා ඉක්මනින් ඒ බඩු ටික නිදහස් කරගෙන පෞද්ගලික මට්ටමින් වෙන්න පුළුවන්. නැත්නම් රාජ්‍ය සේවයේ සතොස හරහා හරි ඉතා ඉක්මනින් ලබා දෙන්න. සමහර ව්‍යාපාරිකයන් කියනවා අපි ආනයනය කරන කොට ඒ අයට ගෙවන්න ඩොලර් ඕනේ කියලා. හැබැයි දැන් බඩු ඇවිල්ලා ඉවරයි. මේ ආනයනකරුවන් ඒ සමාගම් එක්ක වැඩ කරන්නේ වසර ගණනාවක් තිස්සේ. ඉතිං ඒ නිසා දැන් තියෙන්නේ ඉතා ඉක්මනින් මේ බඩු ටික ගරු අග්‍රාමාත්‍යතුමා දීපු නියෝගයත් එක්ක ඉතා ඉක්මනින් ගන්න
දිනෙන් දින සිදුවන ප්‍රමාදය හමුවේ කන්ටේනර්වල තිබෙන කිරිපිටිවල ගුණාත්මක භාවයට මොකද වෙන්නේ ?