COLOMBO (News 1st) - සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද(27) පෙරවරුවේ සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන් බැහැදුටුවේය.
මෙලෙස මහ නාහිමියන් බැහැදුටුවේ විදෙස් ගිවිසුම් සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කිරීම වෙනුවෙනි.
එහිදී මහ නාහිමියන් වෙත යුගදනවි විදුලි බලාගාර ගිවිසුම පිළිබඳ දැනුවත් කිරීමේ සංදේශයක් හා කැබිනට් පත්‍රිකාවේ පිටපතක් ද පිරිනැමුහ.
සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමි,
විපක්ෂයේ අදහසත් රට ආරක්ෂා කර ගැනීම ඒ වගේම ආණ්ඩු පක්ෂයේ අදහස විය යුත්තේ රට රැක ගැනීම. මහජනතාව ඡන්දේ දුන්නේ රට ආරක්ෂා කරගන්න තමයි. ජනතාවගේ බලාපොරොත්තුව එයයි. ඊට විරුද්ධව යමක් සිද්ධ වෙනවනම් ඒක වැරදියි කියන එක අපි ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි මේවා පිළිබඳව බුද්ධිමත්ව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එක්වෙලා සාකච්ජා කරලා රටට විපතක් නොවෙන හැටියට කටයුතු කරනවා නම් හොඳයි කියලා අපි විශේෂයෙන් සඳහන් කරනවා. අපි සංඝ සභාව මේ ගැන සාකච්ඡා කරලා අපි මේ ගැන රජයට දනුම් දීමක් කරනවා.