පෞද්ගලික බස් රථ හිමියන්ට සහන පැකේජයක්

පෞද්ගලික බස් රථ හිමියන්ට සහන පැකේජයක්

by Staff writer 26-09-2021 | 9:06 AM

COLOMBO (News 1st) - කොරෝනා සමග පීඩාවට පත්ව සිටින පෞද්ගලික බස් රථ හිමියන් සඳහා සහන පැකේජය ලබාදීම ආරම්භ කර ඇතැයි ප්‍රවා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මාර්ග බලපත්‍ර හිමි දාහත් දහසකට එම සහන පැකේජය ලබාදෙන බවයි. ලබන පළමුවැනිදා රට විවෘත කරන්නේ නම් ඊට පසු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරිම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි යෝජනාවලියක් සකස් කරමින් ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.